මුතූර්, යාපනය සහ කිලිනොච්චියේ මනුෂ්‍ය ඝාතන තුනක්

මනුෂ්‍ය ඝාතන තුනක් ප්‍රදේශ තුනකින් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. එම ඝාතන මුතූර්, කිලිනොච්චිය සහ යාපනය යන පොලිස් වසම් වලින් වාර්තා වී තිබේ. පුද්ගලයින් දෙදෙනෙකු අතර මුතූර්, පුලිඅඩිචෝලේ, කාංගුවේලි ප්‍රදේශයේදී ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එක් ඝාතනයක් සිදුව ඇත. පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට අතින් පහරදීම හේතුවෙන් 47 හැවිරිදි පුලඅඩිචෝලේ, කාංගුවෙලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලබා කිලිවෙඩ්ඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
තවද යාපනයේ 52 හැවිරිදි අත්තිඅඩි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇයගේ නිවසේදීම පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. කාන්තාවගේ නිවසේ සේවය කළ පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ එම ඝාතනය සිදුකර නිවසේ ගේට්ටුවට අගුළු දමා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
මේ අතර පුද්ගලයින් පිරිසක් විසින් කිලිනොච්චිය පොලිස් වසමේ උරුත්තුරපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවසේ සිටි පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබේ. කිලිනොච්චිය රෝහල වෙත පහර කෑ පුද්ගලයින් ඇතුළත් කිරීමෙන් අනතුරුව උරුත්තුරපුරම් ප්‍රදේශයේ 43 හැවිරිදි පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
234 Views
Comments