ඔනේෂ් ඝාතනයට මෙහෙකාරියත් හවුල් පරීක්ෂණ දිගටම

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ, ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනය කිරීමට බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳ සහ සහායිකාව කාලයක සිට සැලසුම් කරගෙන සිට ඇති බවයි. පොලිසිය පවසන්නේ, ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳගේ සහායිකාව වූ බ්‍රසීල ජාතික කාන්තාව වෘත්තියෙන් හෙදියක වන අතර ඇය මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඔහුගේ බිරිඳ මෙම සහායිකාව මෙරටට ගෙන්වාගෙන ඇත්තේ සිය සැමියා ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බව පොලිසිය සැක කරයි. ඔනේෂ් මහතා සහ බිරිඳ නවාතැන් ගෙන සිටි වෝඩ් පෙදෙසේ පිහිටි සුපිරි මහල් නිවාසයේ, ශ්‍රී ලංකාවට පැමිණි මෙම බ්‍රසීල ජාතික කාන්තාව නවාතැන් ගෙන සිට ඇති බව හෙළිවෙයි. මෙම බ්‍රසීල ජාතික කාන්තාවන් දෙදෙනා එහි සිට ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනය කිරීමේ සැලසුම සකස් කරන්නට ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් පවසන්නේ, ඔනේෂ් සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේ දී ඝාතනය කර බ්‍රසීලයට පළායෑම අපහසු නිසා ඔහුව විදේශ රටකට රැගෙන ගොස් එහිදී අබිරහස් අන්දමින් ඝාතනය කර එරටින් පළායෑමට සැකකාර කාන්තාවන් දෙදෙනා සැලසුම් කර තිබු බවයි. ඒ අනුව ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා යෑමට මොවුන් සැලසුම් කර ඇති බව පොලිසිය සැකකරයි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දුනීසියානු පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව හරහා ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ. ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ සහායිකාව සිව් හැවිරිදි දියණිය ද රැගෙන බ්‍රසීලයට පළා ගිය බවට සැක කෙරේ.
247 Views
Comments