රාජකීය වීදි වෙළෙන්දා මහරැජිණගේ වියෝවට සොව පළ කල හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

රාජකීය වීදි වෙළෙන්දා මහරැජිණගේ වියෝවට සොව පළ කල හැටි

රාජකීය වීදි වෙළෙන්දා මහරැජිණගේ වියෝවට සොව පළ කල හැටි

ජිනදාස ලියනගේ හෙවත් අහිංසක කියන්නේ රාජකීය පවුලට අවුරුදු 30 ක් තිස්සේ ලිපි ලියන වීදි වෙළෙන්දෙක්. එනිසාම ඔහු රාජකීය වීදි වෙළෙන්දා යන නාමයෙන්ද බොහෝ දෙනා හඳුන්වනවා.



ඔහු ලියන ලිපි වලට රාජකීය පවුලෙන් ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඒ හැම ලිපියක්ම ලැබුණේ ඔහුගේ සුළු ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගිය අංක 38 ඒ, ට්‍රෑම්කාර් කුලුන අසල, අඩි 100 පාර වංගුව, බෝධිරාජ මාවත, කොළඹ 11 යන ලිපිනයටයි.

 

පසුගිය වසරේ කොරෝනා සමයේදී තමන්ගේ ව්‍යාපාරික ස්ථානය හදිසියේ ගිනිගැනීමත් සමඟ තමන් ඉතා අසරණ තත්ත්වයට පත්වූ බව ඔහු පවසනවා. ඍදහ්ක ක්‍දරබැර නමින් පවත්වාගෙන ගිය තමන්ගේ ව්‍යාපාරික ස්ථානය කවුරුන් හෝ ගිනි තැබුවාද යන සැකයක් පවතින බවද ඔහු පවසනවා.

ඔහු රාජකීය පවුලට ඇති ආදරය නිසාම බි්‍රතාන්‍යයේ මහ රැජන වශයෙන් කිරුළ පැළදූ දෙවන එළිසබෙත් රැජනගේ අභාවයෙන් ඉමහත් සංවේගයට පත්ව සිටිනවා. ඔ

 

හු තමන්ගේ ගිනිගත් ව්‍යාපාරික ස්ථානයේදී මහ රැජනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් බැනරයක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබෙනවා. 

views

275 Views

Comments

arrow-up