“මාස හයකින් රට ගොඩදානවා, ගෝඨාභයගේත් සහාය ගන්නවා” - අනුරාධ ජයරත්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

“මාස හයකින් රට ගොඩදානවා, ගෝඨාභයගේත් සහාය ගන්නවා” - අනුරාධ ජයරත්න

“මාස හයකින් රට ගොඩදානවා, ගෝඨාභයගේත් සහාය ගන්නවා” - අනුරාධ ජයරත්න

රටේ පවතින ආර්ථික අර්බුධය ජය ගැනිමට රට භාරගත් නායකයාට පක්ෂ පාට භේද දේශපාලනයෙන් තොරව සහයෝගය දක්වන්නේ නම් මාස හයක් වැනි කෙටි කාලයක් තුල රටේ ආර්ථිකය සමාන්‍ය තත්ත්වයට පත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසිය.



156 වෙනි පොලිස් දිනය නිමිතෙන් නාවලපිටිය පොලිසිය විසින් (04) දින නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් පැවසිය.



මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියා සිටියේ වසර දෙකක කෙටි කාලයක් රටේ ජනාධිපති ධුරය දැරු ගෝඨාභය රජපක්ෂ මහතා අත්දැකිම් බහුල නායකයෙකු බවයි.



ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එම අත්දැකිම් ලබාගැනිමට එතුමා සක්‍රිය දේශපාලනයට එක් කර ගනිමින් එම අත්දැකිම් ඊලග තරුණ පරපුරට ලබාදිය යුතු බවයි අනුරාධ ජයරත්න මහතා කියා සිටින්නේ.

ඉන්ධන මිල ඉහල යාම හමුවේ අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල ගොස් තිබිම සමස්ත රටේ ජනතාවටම දැඩි ලෙස බලපැම් ඇති කර ඇති බවත්, එය කෙටි කාලින ගැටළුවක් පමණක් බවයි අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

views

303 Views

Comments

arrow-up