රාජ්‍ය සේවකයන් ලක්ෂ 10ක් ඉන්නේ නිකන් ද? රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයන් විසින් ම විවේචනය කරයි

ලක්ෂ 16ක් පමණ සිටින රාජ්‍ය සේවකයන්ගෙන් ලක්ෂ 10ක් පමණ කිසිම ඵලදායී සේවාවක් සිදු නොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේ දී මධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයන් විසින් ම විවේචනය කරන බවටත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.
රටේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු දෙනාට නිසි වගකීම් කාලවකවානුවක් සහිතව ලබා දිය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
එසේ ම දේශපාලනඥයා, රාජ්‍ය සේවකයා සහ මහජනතාව කැපවීම් සිදු කළහොත් රට ඉක්මණින් ගොඩනැගිය හැකි බවද අමාත්‍යරයා වැඩිදුරටත් සදහන් කරයි.
318 Views
Comments