කෑම පරක්කුයි කියා දියණියගේ හිස බිත්තියේ ගැසූ නරුම බේබදු පියාට ලැබුණු දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

කෑම පරක්කුයි කියා දියණියගේ හිස බිත්තියේ ගැසූ නරුම බේබදු පියාට ලැබුණු දඬුවම

කෑම පරක්කුයි කියා දියණියගේ හිස බිත්තියේ ගැසූ නරුම බේබදු පියාට ලැබුණු දඬුවම

දහවල් ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින් 16 හැවිරිදි දියණියගේ හිස අල්ලා බිත්තියේ ගැසු පියෙකු ලබන මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළාය.

 

දිවුලපිටිය පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියකගේ පියෙකු මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

 

සැකකරුගේ බිරිඳ විදේශ ගතව රැකියාවක නිරතවන බව අධිකරණයේදී අනාවරණය විය. 

 

සැකකාර පියා බීමත්ව නිවසට පැමිණ මෙම දැරියට නිරන්තරයෙන්ම කරදර හිරිහැර කරන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

 

සැකකාර පියා තම දියණියට පහරදෙමින් දියණියගේ හිස බිත්තියක හැප්පිම හේතුවෙන් දියණිය රෝගාතුර වීමෙන් දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් මෙතෙක් ඇයගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

 

දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ දැන්වීය.

views

255 Views

Comments

arrow-up