රූපවාහිනියට කඩා වැදුණු ධනීෂ් අලීට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධනිෂ් අලි ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද නියෝග කළේය.
සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඇප මත නිදහස් වීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
පොදු දේපල පනත යටතේ තවදුරටත් ධනීෂ් අලීට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිවීමෙන් ඔහු ඇප මත නිදහස් කර තිබේ.
264 Views
Comments