ඉන්ධන මිල සංශෝධනය වීම අද - ලෝක තෙල් මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

ඉන්ධන මිල සංශෝධනය වීම අද - ලෝක තෙල් මිල පහලට

ඉන්ධන මිල සංශෝධනය වීම අද - ලෝක තෙල් මිල පහලට

මෙරට ඉන්ධන මිල ගණන් අද සංශෝධනය කරනු ඇතැයි වාර්තාවේ. 

 

බලශක්ති අමාත්‍යාංශය මීට පෙර පවසා තිබුණේ සෑම මසකම සති දෙකකට වරක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බවයි. 

 

මේ මස මුලදීද එලෙස ඉන්ධන මිල සංශෝධනය කෙරුණු අතර ඩීසල් මිල රුපියල් 10 කින් පහත දැමීමට රජය කටයුතු කළේය. 

 

මේ අතර අප කළ සොයාබැලීමකදි දැක ගත හැකි වුයේ අද වනවිට ලෝක වෙළද පොලේද බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩුවී ඇති ආකාරයයි. 

 

මේ මස මුලදී අමෙරිකානු ඩොලර් 93 යි ශත 89කට පැවති බොරතෙල් බැරලයක මිල ඉකුත් බ්‍රහස්පතින්දා වන විට ඩොලර් 94 දක්වා ඉහළ ගියා.

 

එහෙත් ඉන් පසුව අද දිනය දක්වා ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහත වැටුණා. අද දිනයේ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සටහන් වුයේ බැරලයක් අමෙරිකානු ඩොලර් 91 යි ශත 16 ක් ලෙසටය.

views

302 Views

Comments

arrow-up