ස්ථිරව ම ආණ්ඩුවක් හදනවා - මෛත්‍රීපාල සිරිසේන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ස්ථිරව ම ආණ්ඩුවක් හදනවා - මෛත්‍රීපාල සිරිසේන

ස්ථිරව ම ආණ්ඩුවක් හදනවා - මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික දේශපාලන පක්ෂ සමඟ එක්ව ස්ථිර වශයෙන් ම ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

 

ඊයේ (28) කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

වර්තමානය සහ අතීතයේ මෙරට පැවතියේ සාම්ප්‍රදායික ආණ්ඩු බවත් වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු නිදහස් පක්ෂ සාමාජිකයෙකුට තමා අවසර ලබා දී නොමැති බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

 

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව මෙහෙයවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින් සිදුකරන බවයි.

 

views

246 Views

Comments

arrow-up