අරගලකරුවන්ට එල්ල කල ප්‍රහාරය හෙළා දකිනවා - මානව හිමිකම් කොමිසම

අද(22) අලුයම දී ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද නින්ධිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
විධායකය විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ගය මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එසේම මෙම සිද්ධියට අදාළ අපරාධකරුවන් හඳුනා ගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හමුදාවේ එවැනි ක්‍රියාමාර්ග හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රාජ්‍ය පාලනය තුළ ගන්නා කිසිදු මාර්ගයක් යළි කිසිදා නොකරන බවට සහතික කරන ලෙසත් මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දී තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.
262 Views
Comments