JUL
15
ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කථානායක තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ඇත්තේ 2022 ජූලි මස 14 වැනිදා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද(15) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපියද තමා වෙත ලැබී ඇතැයි සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම එදින සිට වලංගු බවත් නව වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කරගැනීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.
287 Views
Comments