බොරැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

බොරැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

බොරැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ(17) උදෑසන බොරැල්ල පොලිස් වසමේ සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.


මරණකාරියගේ දුව විසින් කුඩා ප්‍රමාණයේ මෝල් ගසකින් හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර ඒ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් බවත් පොලිසිය සඳහන් කර සිටින්නේ.


මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් අදාළ මරණකාරියගේ දියණිය මේ වන විට අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


මියගිය කාන්තාව සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචි හැටපස් හැවිරිදි අයෙක්.

views

322 Views

Comments

arrow-up