ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණයට

ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණයට

පෙරේදා(09) සවස කොටුව ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල්  එක්කෝටි හැත්තෑ අට ලක්ශ පනස් දහසක  මුදල් සම්බන්ධයෙන් අද(11) අධිකරණය දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

 

මෙම මුදල් හමුවූ අවස්ථාවේ දී ජනතාව විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුට දැනුම් දී ඇති අතර පසුව ජනාධිපති මන්දිරයට ගොස් එය භාර ගන්නා ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දී තිබුණා.

 

මේ වන විට අදාළ මුදල් කොටුව පොලිසිය භාරයේ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

views

274 Views

Comments

arrow-up