ඉන්ධන හිඟය නිසා යතුරු පැදිය අත්හැර පාපැදියට මාරුවූ පියා අනතුරින් මරුට

තම යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පාපැදියක් අලුත්වැඩියා කිරීමෙන් පසු එම පාපැදියේ නැගී නිවසට එන අතරතුර තිරිංග නිසි අන්දමින් ක්‍රියාත්මක නොවීම නිසා සිදුවූ අනතුරකින් පාපැදිකරු මිය යාමේ සෝචනීය පුවතක් දුම්මලසූරිය, යගම්වෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ දුම්මලසූරිය, යගම්වෙල අක්කර 50 ප්‍රදේශයේ පදිංචිව සිටි රණතුංග ආරච්චිගේ මහේෂ් සාලිය නැමැති 39 හැවිරිදි එක් දරු පියෙකි.
ඔහු පවතින ඉන්ධන අර්බුදය නිසා යතුරුපැදියෙන් රැකියාවට යා නොහැකි නිසා නිවසේ ඉවත දමා තිබූ පාපැදිය අලුත් වැඩියා කර නිවසට පැමිණෙන අතරතුර මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකදී එහි තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාපැදිය මාර්ගය අසල නිවසක බිත්තියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හිසට බරපතල හානි සිදුවී එම ස්ථානයේම මියගොස් ඇත.
එදින දුම්මලසූරිය ප්‍රදේශයේ පාපැදි අලුත් වැඩියා කරන ස්ථානයකින් අලුත්වැඩියා කටයුතු අවසන් වනවිට රාත්‍රී 08 පමණ වූ නිසා මියගිය අයගේ පියා ඔහුගේ බඩී වර්ගයේ ලොරි රථයෙන් පැමිණ නිවසට පාපැදිය ලොරි රථයේ රැගෙන යමු කියා යෝජනා කළද අලුත්වැඩියා කරීමෙන් පසු එම පාපැදිය පැද ගෙන යාමට ඇති කැමැත්ත හේතුවෙන් ඔහු තම පියා නිවසට පිටත්කර යවා පාපැදියෙන් පැමිණෙන අතරතුරදී අවාසනාවන්ත ලෙස මෙම අනතුර සිදුව තිබේ.
299 Views
Comments