අමරිකානු නියෝජිත පිරිස ජනපති - අගමැති හමුවෙයි

මෙරටට පැමිණි ඇමෙරිකානු දූත පිරිස අද(27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.
මෙම පිරිසට ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ඇතුළත්.
මෙම පිරිස තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර මෙරට දේශපාලන නියෝජිතයන්, ආර්ථික විද්වතුන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන හමුවීමට ද ඔවුන් සූදානම් සිටින බව ඇමරිකානු මෙරට තානාපතිවරයා දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ඒ සඳහා සහාය ලබාදීම සඳහා මෙම පිරිස පැමිණි බවයි වාර්තා වන්නේ.
242 Views
Comments