හිරේ ගිය ASP දින දෙකෙන් නැවතත් රාජකාරියේ ?

ව්‍යාජ ඉංග්‍රීසි ඩිප්ලෝම සහතිකයක් ඉදිරිපත් කරමින් සහකාර පොලිස් අධිකාරි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීම හේතුවෙන් පොලිස් සංදේශ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි නිරත සහකාර පොලිස් අධිකාරි H.O.S.විතානගේ නැමැති පුද්ගලයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරික්ෂණ පවත්වා අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව පසුගිය දිනක කොටුව මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
දින 02 කට පසු ඇප ලැබූ ඔහු කිසිදු වැඩ තහනමකට ලක් නොවී ඔහු පෙර රාජකාරි නිරත ස්ථානයේම සුපුරුදු පරිදි රාජකාරි සිදු කරන බවට තොරතුරු ලැබී ඇත.
285 Views
Comments