ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් අද ලංකාවට

අද (20) IMFහි කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් සතියක් මෙරට රැඳීසිටීමට නියමිත බව පැවසේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාල මට්ටමේ නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගිය 7 වනදා දුරකථන සංවාදයකට එක්වෙමින් දන්වා ඇත.
එහි ප්‍රතිඑලයක් ලෙස අදාළ කාර්යය මණ්ඩල නියෝජිතයින් කණ්ඩායම අද මෙරටට පැමිණීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතාට මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය 09 වනදා දැනුම් දී ඇත.
276 Views
Comments