විදුහල්පතිනියට මරු කැඳ වූ බාල එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

විදුහල්පතිනියට මරු කැඳ වූ බාල එන්නත

විදුහල්පතිනියට මරු කැඳ වූ බාල එන්නත

ඊයේ (16) ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් පසු පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් මිය ගියාය.

 

 

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා තහවුරු කළේ පසුගිය අප්‍රේල් මාසයේ සිට හර්නියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ විදුහල්පතිනියට ලබා දී ඇත්තේ බාල තත්ත්වයේ නිර්වින්දන එන්නතක් බවයි.

 

 

ඉකුත් අප්‍රේල් මාසයේදී දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවටත් ලබා දී තිබුණේ  මෙම නිර්වින්දන එන්නතම බවද එම කාන්තාවද එන්නත ලබාගත් පසුව මියගිය බවද රෝහලේ අධ්‍යක්ෂවරයා කීය.

views

276 Views

Comments

arrow-up