තුල්හිරියේ දී මාරක රිය අනතුරක්

අද (12) උදෑසන තුල්හිරිය ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකුට ජීවිත අහිමි කරමින් මාරක රිය අනතුරක් සිදු වෙයි.
ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වී ආපසු එමින් සිටියදී ත්‍රීරෝද රථයේ ගමන් ගත් මෙම පිරිස අනතුරට මුහුණ දී තිබුණි.
අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථය ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ටිපර් රථයක ගැටී මාර්ගයේ මදක් ඇදී ගොස් පසුව ගිනිගෙන තිබුණි.
අනතුර සිදුව ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් බවට අනාවරණය වී ඇත.
එකම පවුලේ 40 හැවිරිදි පියා, 39 හැවිරිදි මව සහ 13 හැවිරිදි පුත්‍රයා එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් රඹුක්කන පදිංචිකරුවන් බව සඳහන් වේ.
මේ වනවිට වරකාපොළ පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තිදෙනාගේ සිරුරු වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබෙන අබව සඳහන් වේ.
305 Views
Comments