නිදන් ගන්න දැරිය බිලි දුන්නද?

පුත්තලම මදුරංකුලිය ප්‍රදේශයේ අද (05) දින පස්වරුවේ නිධානයක් ගොඩගැනීමට දැරියක් බිලිදී ඇතැයි ඇතිවූ සැකයක් මත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
එහිදී ප්‍රදේශවාසින් අදාළ ඉඩම පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී එම ඉඩමේ කපා තිබු වළක තිබී ගැහැණු දරුවෙකුගේ යැයි සිතිය හැකි ඇඳුම් කිහිපයක් ද හමුවී තිබේ.
පුත්තලම මදුරංකුලියේ ගින්නවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙය සිදු වී ඇති අතර අද පෙරවරුවේ මදුරංකුලිය පොලීසිය විසින් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ මෙම සිදුවීමත් සමඟ පසුගිය දිනවල මෙම ඉඩම අසල දකින්නට සිටි වැඩිහිටි කාන්තාවක් සහ කුඩා ගැහැණු දරුවෙකු අතුරුදහන් වී ඇති බවය.
දැරිය පිළිබඳ තොරතුරක් සෙවීමට නිදන් කැණීම සිදුකළ බවට සැකකෙරෙන වළ තුළ පිරී තිබූ ජලය ඉවත් කරමින් ප්‍රදේශවාසින් පියවර ගෙන තිබුණි.
326 Views
Comments