කැස්බෑව - පිටකොටුව බස් රථ අද වර්ජනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

කැස්බෑව - පිටකොටුව බස් රථ අද වර්ජනයේ

කැස්බෑව - පිටකොටුව බස් රථ අද වර්ජනයේ

මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද (13) ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත වන බව වාර්තා වේ.

 

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස වර්ජනය ආරම්භ කළ බව කැස්බෑව පිටකොටුව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

 

ඔහු පෙන්වා දෙන්නේ කැස්බෑව සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථ 71 ක් පවතින අතර ඉන් බස් 10 කට දිනපතා නිවාඩු ලබාදී ඇති බවයි.

 

2000 වසරේ ලැබුණු අධිකරණ නියෝගයක් අනුව නව බස් රථ වලට මාර්ග අංක 120 කැස්බෑව සිට පිටකොටුව දක්වා ධාවනයේ යෙදීමට නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කර සිටියේය.
 

views

229 Views

Comments

arrow-up