ජල සම්පාදන සේවක වැඩ වැරුමෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ජල සම්පාදන සේවක වැඩ වැරුමෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

ජල සම්පාදන සේවක වැඩ වැරුමෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

අප්‍රේල් 04 වැනිදා සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල සේවා හෝ පාරිභෝගික සේවා කිසිවක් ක්‍රියාත්මක නොවන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියා සිටී.

 

ජල සම්පාදන සේවකයින්ගේ වැටුප් ගෙවීම් සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් ඔවුන් මෙසේ වර්ජනයේ නිරත වන අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටී.
 

views

201 Views

Comments

arrow-up