මහනුවර නගරයේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

මහනුවර නගරයේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර නගරයේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාල කේන්ද්‍ර කරගනිමින් පවත්වන ජනරජ පෙරහැර හේතුවෙන් හෙට (19) පස්වරු 5.00 සිට පෙරහැර අවසන් වනතෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

 

මෙම පෙරහැර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධාන කර ඇති අතර හෙට පස්වරු 6.00 ට ආරම්භවීමට නියමිත වේ.

 

පෙරහැර දළදා මාළිගාව අසළින් ආරම්භ වී දළදා වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ පැමිණ ගෙවදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

 

75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව මෙම පෙරහැර පැවැත්වේ.

views

232 Views

Comments

arrow-up