හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50% ට වඩා අඩුවිය හැකියි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50% ට වඩා අඩුවිය හැකියි

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50% ට වඩා අඩුවිය හැකියි

හෙට (26)  සිට පෞද්ගලික බස් රථ ධාවනය 50%ට වඩා අඩුවිය හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

 

නැවතත් ඉන්ධන අර්බුදයක් රට තුළ ගොඩනැගෙමින් පවතින බව සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා තිබේ.

 

පසුගිය දින 03 තුළ දී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් නිසි පරිදි ඩීසල් නොලැබුණු බවත් අද (25) දිනයේත් පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නොවන බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.

 

එසේම අද (25) දිනයේ දකුණු පළාතේ බොහෝ බස්රථ ප්‍රමාණයක් ධාවනය කළ නොහැකි තත්ත්වයක පවතින බව ද ඒ මහතා පවසා ඇත.

 

views

253 Views

Comments

arrow-up