ජනපති ලංකාවේ නැහැ - කතානායක -

ජනාධිපතිවරයා මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු රටින් පිටවී සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා BBC නාලිකාව සමග සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම ජනාධිපතිවරයා ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිත බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්දැයි මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායක වරයා ප්‍රකාශ කර සිටියේ ආරක්ෂක හේතූන් මත ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී සිටින ස්ථානය ප්‍රකාශ කල නොහැකි බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නෞකාවක් තුළ සිටින බවද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා.
277 Views
Comments