සජිත් - මෛත්‍රී අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද(04) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබෙනවා.
මේ සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී දිගම්බරන් ඇතුළු දේශපාලන නායකයින් ද ද වික්ටර් අයිවන්,කේ ඩබ්ලිව් ජනරංජන, ගාමිණී වියන්ගොඩ ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද සහභාගි වී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී නව ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සහ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.
266 Views
Comments