හදබිම අධිකාරියෙන් නව වැඩසටහන්

මෙරට ආහාර සුරක්ෂිතතාවය සඳහා නව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මෙරටින් තුරන්ව යන හේන් ගොවිතැන, කොරටු වගාව, වැට වගාව සහ නියර මත වගා කිරීම ආදී සාම්ප්‍රදායික වගා ක්‍රමවලට ගොවීන් නැඹුරු කිරීමේ වැඩපිළිවෙලක්ද, දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි ගොවි ජනතාව හා ඒකාබද්ධව ගෙවතු වගා පන්දහසක් සකස් කිරීමට සැලසුමක් ද, ඊට හදබිම අධිකාරියේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල මගින් තාක්ෂණික දැනුම ලබා දීමට ද මෙම වැඩසටහන් මාලාව යටතේ සිදු කිරිමට නියමිතයි.
281 Views
Comments