වැලිකඩට තහනම් මත්ද්‍රව්‍ය ගෙනා අයෙක් අත්අඩංගුවට

රහස් තැනක සඟවා වැලිකඩ බන්ධනාගාරයට තහනම් මත්ද්‍රව්‍ය ගෙනා පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
ඊයේ(04) දිනයේ දී බන්ධනාගාර රැදවියන් හා කාර්ය මණ්ඩලය සෝදිසි කරන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාල රැඳවියා බන්ධනාගාර පරිශ්‍රය අවට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා නැවත බන්ධනාගාරය තුළට ඇතුල් වීමේ දී ගුද මාර්ගයේ සඟවා ගෙන බීඩි නවයක් බන්ධනාගාරය තුළට රැගෙන ඒමට උත්සාහ කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් රැඳවියා හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.
245 Views
Comments