කාබනික පොහොර ආනයනයට අවසරය හිමිවේ - තරගකාරී මිලට ගොවියන් අතට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

කාබනික පොහොර ආනයනයට අවසරය හිමිවේ - තරගකාරී මිලට ගොවියන් අතට

කාබනික පොහොර ආනයනයට අවසරය හිමිවේ - තරගකාරී මිලට ගොවියන් අතට

මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනයට අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම විසින් ආනයනය කිරීමටත් අනෙක් බෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් ආනයනය කර තරඟකාරී මිල ගණන් මත ගොවීන්ට ලබාදීමටත් කටයුතු සලසා ඇත.

 

අනෙකුත් බෝග වගා කරනු ලබන ගෝවීන්ට අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොරව තරඟකාරී මිල ගණන් යටතේ සැපයීමට හැකි වන පරිදි රජයේ පොහොර සමාගම් දෙක විසින් සපයනු ලබයි.

 

බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ආනයනයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

views

789 Views

Comments

arrow-up