කොවිඩ් රෝගී වාට්ටු හිස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

කොවිඩ් රෝගී වාට්ටු හිස් වෙයි

කොවිඩ් රෝගී වාට්ටු හිස් වෙයි

මේ වන විට කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන අතර රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේද කැපීපෙනෙන අඩුවීමක් සිදුවී තිබේ.

 

කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝහල් රැසකම මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාවට වඩා බොහෝ අඩු රෝගීන් සංඛ්‍යාවක් බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

සංචරණ සීමා පැනවීම හා එන්නත්කරණ වැඩපිළිවෙල හා ජනතාව ආරක්‍ෂාකාරී අයුරින් කටයුතු කිරීමද මෙම රෝගීන් සංඛ්‍යාව අඩුවීමට හේතුවූ බව වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත.

 

කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත රෝගීන් 600ක් පමණ ප්‍රතිකාර ලබා තිබෙන බවත් මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 169ක් පමණ බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

views

806 Views

Comments

arrow-up