බිත්තියක ආරවුලකට සිදුවූ ඝාතනය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

බිත්තියක ආරවුලකට සිදුවූ ඝාතනය

බිත්තියක ආරවුලකට සිදුවූ ඝාතනය

බලංගොඩ, වෙලේකුඹුර, මැදකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් තිබේ.

 

පෙරේදා(12) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

නිවසක බිත්තියක් සම්බන්ධව පැනනැගුණු ප්‍රශ්නයක් පිළිබඳව විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී සැකකරු විසින් අදාළ පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ.

 

සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි වෙලේකුඹුර, මැදකන්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පහරදීම සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බලංගොඩ පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

1018 Views

Comments

arrow-up