SEP
07
කියුබාවෙන් කොරෝනාවට "සොබර්නා"

කියුබාව දේශීයව නිෂ්පාදනය කළ අබ්ඩාලා හා සොබර්නා එන්නත් යොදාගනිමින් එරට වයස අවුරුදු දෙකට වැඩි ළදරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඊයේ ආරම්භ කර ඇත.
වයස අවුරුදු 12 ඉක්මවූ දරුවන්ට පළමුව එම එන්නත් ලබා දී ඇති අතර එම එන්නත් කුඩා දරුවන් සඳහා අත්හදා බැලීමෙන් පසුව මෙලෙස පුළුල් භාවිතයට යොදාගෙන ඇත.
මෙම එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය හිමි වී නැති නමුත් වයස අවුරුදු දෙකට වැඩි දරුවන්ට කඩිනමින් එන්නත් ලබා දී පාසල් විවෘත කිරීම එරට රජයේ අපේක්ෂාවයි.
891 Views
Comments