SEP
07
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

පොල්ගොල්ල වේල්ල භාර ඉංජිනේරු කාර්යාල ප්‍රකාශකයෙක් පැවසුවේ මධ්‍යම කදුකරයේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ විවෘත කළ බවයි.
ඒ හේතුවෙන් ජලාශය පහළ පිහිටි වික්ටෝරියා ජලාශය වෙත තත්පරයට ඝණ අඩි 3,500ක ජල ප්‍රමාණයක් නිකුත් කරයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.
801 Views
Comments