වවුනියාව මහ රෝහලේ ගොඩගැසුණු මළ සිරුරුවලට සුදුසු පියවරක් ගන්නැයි කම්පනයට පත් ඥාතීන්ගෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

වවුනියාව මහ රෝහලේ ගොඩගැසුණු මළ සිරුරුවලට සුදුසු පියවරක් ගන්නැයි කම්පනයට පත් ඥාතීන්ගෙන් ඉල්ලීමක්

වවුනියාව මහ රෝහලේ ගොඩගැසුණු මළ සිරුරුවලට සුදුසු පියවරක් ගන්නැයි කම්පනයට පත් ඥාතීන්ගෙන් ඉල්ලීමක්

වවුනියාව මහ රෝහල් මෘත ශරීරාගාරය තුළ තැන්පත්කර ඇති කොවිඩ් ආසාධිතව මියගිය පුද්ගලයින් 12 දෙනෙකුගේ පමණ මළ සිරුරු ආදාහනය කිරීමට නොහැකිව දින ගණනක් පසුව ඇති බැවින් එම මළ සිරුරු ඉතා ඉක්මනින් ආදාහනය කිරීමට නොහැකි නම් භූමදානය කරන ලෙසට මියගිය අයගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ආදාහනාගාරවල දිනකට ආදාහනය කළ හැකි මළ සිරුරු ගණන සීමා සහිත වීම හේතුවෙන් වවුනියාව මහ රෝහලේ මළ සිරුරු එකතු වන්නට පටන් ගෙන ඇත. 

 

මෙම මළ සිරුරුවල අවසන් කටයුතු අවසන් වනතුරු පවුලේ ඥාතීන් දැඩි මානසික කම්පනයකින් පසුවන නිසා වහාම මේ සම්බන්ධව සුදුසු පියවරක් අනුගමනය කරන ලෙස කොවිඩ් රෝගයෙන් මියගොස් සිටින අයගේ ඥාතීන් ඉල්ලීමක් කොට තිබේ.

views

733 Views

Comments

arrow-up