හිඟ විදුලිබිල්පත් ගෙවීමට සහන කාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

හිඟ විදුලිබිල්පත් ගෙවීමට සහන කාලයක්

හිඟ විදුලිබිල්පත් ගෙවීමට සහන කාලයක්

කොවිඩ් වසංගත තත්වය සමඟ රට තුළ ඇති වී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාව හට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24 ක සහන කාලයක් දීමට කටයුතු කරන වන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසා සිටියේය.

 

අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව පැවසූ අමාත්‍යවරයා හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් ගෙවීමේදී ඒ සඳහා සුළු පොලියක් අය කරගැනීමට බලාපොරොත්තු වන බවද ඉදිරි දිනවලදී ඒ සඳහා අය කර ගන්නා පොළී මුදල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද කීවේය.

 

කොවිඩ් තත්වය සමඟ විදුලිබල මණ්ඩලයට ගතවූ මාස දෙකක කාලය තුළ රුපියල් බිලියන හතලිස් හතරක මුදලක් අය විය යුතුව තිබුණත් විදුලි බිල්පත ගෙවීමට හැකි ජනතාව පවා විදුලි බිල නොගෙවීම නිසා විදුලි බල මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

views

747 Views

Comments

arrow-up