අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි තබයි

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි තබයි

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩිතැබීමක් සිදුකර ඇත.

 

 

යතුරුපැදියේ ගමන්කළ දෙදෙනා එම වෙඩි ප්‍රහාරය හමුවේ එම ස්ථානයෙන් පළාගොස් තිබේ.

 

 

අද (01) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා වාහන පරීක්ෂා කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

 

එහිදී යතුරුපැදිය නවත්වන ලෙසට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සංඥා කර ඇත.

 

 

වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර තිබේ.

 

 

views

231 Views

Comments

arrow-up