උෂ්ණත්වය හේතුවෙන් මිනිස් ජීවිත අවධානමක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

උෂ්ණත්වය හේතුවෙන් මිනිස් ජීවිත අවධානමක

උෂ්ණත්වය හේතුවෙන් මිනිස් ජීවිත අවධානමක

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බවයි.

 

 

වෛද්‍යවරුන් පවසන්නේ විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙසයි.

 

 

වව්නියාවෙන් ඊයේ දින වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37 වාර්තා විය.

 

 

හම්බන්තොට, පොළොන්නරුව, මඩකලපුව හා පුත්තලම දිස්ත්‍රික්කවලින් අධික උණුසුමක් දැනෙන සෙසු ප්‍රදේශ ලෙස වාර්තා වාර්තා වූ අතර එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.4ක උෂ්ණත්වයකි.

 

 

යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව්, මන්නාරම සහ අනුරාධපුරයේ සෙල්සියස් අංශක 29 ඉක්මවූ උෂ්ණත්වයක් පැවතී ඇත.

 

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පරිසරයේ උෂ්ණත්වය එලෙස පැවතියත් ශරීරයට දැනෙන උණුසුම ඉහළ අගයක් ගන්නා බවයි.

 

 

එම ප්‍රදේශවල ජනතාව සිරුරට දැනෙන උණුසුම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බව වාර්තා වෙයි. 

 

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කුඩා වැව් බොහෝමයක් සිඳිගොස් තිබේ.

 

 

රත්නපුර රංවල ඕලු වැව පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, රංවල, උඩ රංවල, ගොඩකවෙල, ඕපනායක සහ බිබිලේගම යන ගම්මානවල තේ, පුවක් සහ එළවළු වගා සියල්ල විනාශ වී ඇති බව වාර්තා වෙයි.

 

 

views

240 Views

Comments

arrow-up