ඊශ්‍රායලයට යන ශ්‍රමිකයින්ට ඇමති ගුවන් ටිකට්පත් ලබාදේ.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ඊශ්‍රායලයට යන ශ්‍රමිකයින්ට ඇමති ගුවන් ටිකට්පත් ලබාදේ.

ඊශ්‍රායලයට යන ශ්‍රමිකයින්ට ඇමති ගුවන් ටිකට්පත් ලබාදේ.

ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 15 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර මේ මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.


මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකික සාත්තු සේවා රැකියා ලාභීන් 281 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටව ගොස් ඇත.


ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය අතර ඇති කර ගත් ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 520 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිවී තිබේ.

views

268 Views

Comments

arrow-up