රබර් කම්හලේ මුරකරුගේ මරණය ඝාතනයක්

අතුරුදන්ව සිට දින දෙකකට පසු හමු වූ ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක මුරකරුගේ මරණය ගෙල මිරිකීමෙන් සිදු වූ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ පාදුක්ක, නිරියගල්ල පදිංචිව සිටි පල්ලිය බැදිගේ ප්‍රේමදාස නමැති 69 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේම නැවතී සේවය කරන අතර ඉකුත් 7 වැනිදා පෙරවරු 10.30 පමණ සිට හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු සොයා බැලුව ද කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ වත්තක හිමිකාරිය වත්තට ගොස් එහි තිබෙන පොල් ගස්වල පොල් වැටී ඇතිදැයි සොයා වත්තේ පිහිටා තිබෙන කැලෑවෙන් වට වූ වතුර නැති අනාරක්ෂිත ළිඳට එබිකම් කර බැලීමේදී පුද්ගලයකුගේ පාදවල යටි පතුල් දිය මතුපිට පෙනෙන්න තිබී ඇති අතර, අනතුරුව කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් විසින් ඒ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව හොරණ අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මියගේ නියෝග මත මළසිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයට හොරණ මූලික රෝහලේ තැන්පත් කෙරිණි.
පෙරේදා (10) රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි පනිත සෙනෙවි- රත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණකරුගේ ගෙල ප්‍රදේශයේ අභ්‍යන්තරයේ ඇති වූ තුවාල ස්වාභාවිකව ඇතිවූ තුවාල නොවන බවත් ගෙල සිර කිරීමක් වැනි ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ තුවාල බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
248 Views
Comments