ගුවන්තොටුපළවල් අසළ සරුංගල් යවන්න එපා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

ගුවන්තොටුපළවල් අසළ සරුංගල් යවන්න එපා

ගුවන්තොටුපළවල් අසළ සරුංගල් යවන්න එපා

ශ්‍රී ලංකාව තුළ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට කිලෝ මීටර් 05 ක වපසරියකින් යුතු ප්‍රදේශය තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම සපුරා තහනම් බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ කටුනායක, රත්මලාන, මත්තල, යාපනය සහ මඩකලපුව යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවටයි.



මෙම ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ මෙවැනි සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම තුලින් ගුවන් යානා වලට බලපෑම් ඇති විය හැකි බව පැවසේ.



ඒ මගින් ගුවන් තොටුපොළ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත සහ දේපොළ අවදානමකට ලක් විය හැකි බැව් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම නිවේදනය මගින් පෙන්වා දී ඇත.



මෙම දැනුවත් කිරීමට එරෙහිව මෙම ප්‍රදේශ තුළ සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව පවතින නීති රාමුව තුළ නීතිමය පියවර ගන්නා බව ද ගුවන් තොටුපොළ සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි.

views

331 Views

Comments

arrow-up