බස් රථයක් තුළදී මාලයක් කොල්ල කෑ කාන්තාව කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

බස් රථයක් තුළදී මාලයක් කොල්ල කෑ කාන්තාව කොටු වෙයි

බස් රථයක් තුළදී මාලයක් කොල්ල කෑ කාන්තාව කොටු වෙයි

මගී බස් රථයක් තුළදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි තවත් කාන්තාවක් පැල්මඩුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

මෙම රන්මාලය කොල්ලකා ඇත්තේ පැල්මඩුල්ල මීගහගොඩ මංසන්දියේදී බව පොලීසිය කියයි. පැල්මඩුල්ල ඊරියන්දළුව පදිංචි 54 හැවිරිදි කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් මෙසේ කොල්ලකා ඇති බව පොලීසිය කියයි. 

 

 

මෙම කොල්ලයට අත්අඩංගුවට ගත් කාන්තාව මීගමුව කොච්චිකඩේ පදිංචිකාරියකි. ඇය 49 හැවිරිදි තැනැත්තියක් වන අතර කොල්ලකාර කාන්තාව බස් රථවල ගමන්කරමින් මගීන්ගේ මුදල් පසුම්බි සොරා ගනිමින් රන් මාල කඩා ගන්නා තැනැත්තියක බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

views

278 Views

Comments

arrow-up