ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ දේහ නිවසට රැගෙන එයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ දේහ නිවසට රැගෙන එයි

ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ දේහ නිවසට රැගෙන එයි

අද (22) පස්වරුවේ අඟුරුවාතොට ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ මෘත දේහ ඌරුතුඩාව ප්‍රදේශයේ පිහිටි ඔවුන් පදිංචිව සිටි නිවස වෙත රැගෙන ආවේය.

 

 

ඔවුන් දෙදෙනාගේම මෘත දේහ එකට තැන්පත් කර මුද්‍රා තබා තිබූ බව සඳහන් වේ.

 

 

අද දිනයේදී හොරණ මූලික රෝහලේ දී ඝාතනයට ලක්වූ මවගේ සහ බිළිදියගේ මෘත දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණි.

 

 

එහිදී මළසිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා යොමු කර තිබුණු අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදෙන ලදී.

 

 

සඳහන් වූයේ අදාළ සිරුරු කොටස් සත්ත්ව සපාකෑම් හේතුවෙන් හානි සිදුව ඇති බවයි.

 

 

අද උදෑසන අඟුරුවාතොට පොලීසිය විසින් අඟුරුවාතොටදී මව සහ ඇයගේ මාස 11ක් වූ දැරියගේ මරණයෙන් පසුව ප්‍රදේශයෙන් පළාගොස් සිටි ඇයගේ මස්සිනාව පොලිසිය භාරයට ගෙන තිබුණි.

 

 

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත කතුරකින් පහර දීමට උත්සාහ දරා ඇති අතර එය වැළැක්වීමට යාමේදී සැකකරු එම කතුරෙන් තමන්ටම ඇනගෙන තුවාල සිදු කරගෙන ඇති බවය.

 

 

views

378 Views

Comments

arrow-up