ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ G20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
එම ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බව අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය ප්‍රකාශ කළේය.
පොදු යාන්ත්‍රණයකින් පරිබාහිරව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය සම්බන්ධයෙන් වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදී අවධානය යොමුකෙරුණි.
IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය වැඩි දුරටත් සඳහන් කළේ,
"G20 පොදු යාන්ත්‍රණය තුළින් ඝානාව සහ සැම්බියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරෙනවා. එමෙන්ම පොදු යාන්ත්‍රණයෙන් පරිබාහිරව ශ්‍රී ලංකාව වැනි රටවලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. එහිදී ණයහිමියන් සමග සම්බන්ධීකරණය ඉදිරියට යන බව කිව යුතුයි. නිශ්චිතව සහ කාලරාමුවක් තුළ ක්‍රියාත්මක වියයුතු බව. එමෙන්ම සාකච්ඡා පැවැත්වෙන කාලසීමාව තුළ ණය අත්හිටුවීම වැනි ක්‍රියාවලි තුළින් ණයගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු වනවා."
252 Views
Comments