වී වගාව ආශ්‍රිතව රෝගී තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

වී වගාව ආශ්‍රිතව රෝගී තත්ත්වයක්

වී වගාව ආශ්‍රිතව රෝගී තත්ත්වයක්

වී වගාව ආශ්‍රිතව ධාන්‍ය බොල්වීම සහ අවපැහැ වීමේ රෝගී තත්ත්වයක් වාර්තා වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 

 

ගම්පහ, කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් එම රෝගී තත්ත්වය වාර්තා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ රුක්මාලි ගුණපාල මහත්මිය සඳහන් කළේය.

 

මෙය දිලීර රෝගයක එක් අවස්ථාවක් බැවින් මෙයට කඩිනම් පියවර ගන්නා ලෙස ඇය ගොවීන්ට දැනුම් දෙයි. 

 

මෙය පැතිරීම අවම කිරීම සහ පාලනය කිරීම සඳහා ප්‍රදේශය භාර කෘෂිකර්ම නිලධාරිවරයා හමුවී උපදෙස් ලබා ගන්නා ලෙස සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ රුක්මාලි ගුණපාල මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 

 

views

269 Views

Comments

arrow-up