වාහන හැර අනෙකුත් භාණ්ඩ ආනයන තහනම ඉවතට

ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී රජය මෙම තීන්දුවට එළැඹ ඇත.
වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහනම් මේ වන විට ක්‍රියාත්මක වෙයි.
සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ආනයන තහනම් ඉවත් කිරීම සිදුකිරිමට නියමිතව තිබේ.
ඉන් පසුව වාහන ආනයන තහනම ඉවත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.
රජයේ අවධානය පළමුව යොමු වී ඇත්තේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන තහංචි ඉවත් කිරීමටය.
305 Views
Comments