මා ඔයේ සිදුකරන නීතිවිරෝධී වැලි ජාවාරම මාට්ටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

මා ඔයේ සිදුකරන නීතිවිරෝධී වැලි ජාවාරම මාට්ටු වෙයි

මා ඔයේ සිදුකරන නීතිවිරෝධී වැලි ජාවාරම මාට්ටු වෙයි

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් මා ඔයේ සිදුකරන නීතිවිරෝධී වැලි ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් විය.

 

 

 

 

නීතිවිරෝධී වැලි ජාවාරම මා ඔයේ ඉවුරුවලට දැඩි හානිකරමින් සිදුකරනු ලබන අතර කලක පටන් මීගමුව දංකොටුව ප්‍රදේශයෙන් මා ඔයේ ඉවුරුවලට දැඩි ලෙස හානි කරමින් වැලි ජාවාරම් සිදුකරන බවට අද අනාවරණය විය.

 

 

මා ඔයේ සිට මීටර 100ක් දක්වා වූ රක්ෂිත කොටසේ කිසිඳු ආකාරයක වැලි කැනීම් සිදුකිරීමට නොහැකි බව අනාවරණය වූ අතර එහෙත් ඒ පිළිබඳව මායිම් නොකරමින් පිරිසක් මා ඔයේ ඉවුරුවලට දැඩි ලෙස හානිකරමින් වැලි ජාවාරම් සිදුකරයි.

 

 

සිදුකළ සොයාබැලීමේදී එහි කපා ඇති ඇතැම් වළවල් මීටර 20ට වඩා උසින් යුතු බව අනාවරණ වුණි.

 

 

අනතුරුව මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකරන පුද්ගලයින් නීතියේ රැහනට හසුකරලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීන් විසින් අද දින මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ද ඇතිව එය සිදු කරන ලදී.

 

 

අදාළ ස්ථානය පිළිබඳ සොයබලමින් සිටින අතරතුර පුද්ගලයින් දෙදෙනකු විසින් මා ඔයේ ඉවුර අසල වැලි කැනීම් සිදුකරමින් පසුවිය.

 

 

අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් විය.

 

 

පසුව  දංකොටුව පොලීසියට සැකකරුවන් සහ ටිපර් රථය භාර දෙනු ලැබීය.

 

 

views

321 Views

Comments

arrow-up