ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට

ඇමෙරිකාව විසින් ඉරාන තර්ජන හමුවේ එෆ් 16 ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යැවීමට පියවර ගනා ලදී.
ඇමෙරිකාව විසින් ඉරාන ග්‍රහණයෙන් සිය නැව් ආරක්ෂා කර ගැනීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වටා අතිරේක ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ක්‍රියා කරන ලදී.
පෙන්ටගනයේ ප්‍රකාශකයකු මේ බව සඳහන් කර තිබේ.
පෙන්ටගනය සඳහන් කරන්නේ සතියක කාලයක් මෙම කලාපයේ මුර සංචාරයේ නිරත ඒ 10 ප්‍රහාරක ගුවන් යානා වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සති අන්තයේදී එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා ගල්ෆ් කලාපයට යවන බවයි.
ඇමෙරිකාව මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය තෙල් ටැංකි දෙකක් අත්පත් කරගැනීමත් සමඟ වේ.
276 Views
Comments