උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර

උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් අවධාරණය කරන්නේ උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වා දෙන බවයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් බවයි.

 

 

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මේ බව කියා සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

 

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බවයි.

 

 

views

274 Views

Comments

arrow-up