ඉන්දීය මුදල් ලංකාවේ භාවිතයට සැලසුම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ඉන්දීය මුදල් ලංකාවේ භාවිතයට සැලසුම් කරයි

ඉන්දීය මුදල් ලංකාවේ භාවිතයට සැලසුම් කරයි

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසන්නේ ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස ඉන්දීය මුදල් භාවිතයට අවසර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡා පැවැත්වූ බවයි.

 

 

අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සංචාරයේදී පැමිණි එකඟතා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

 

අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේ ඉන්දීය සංචාරයේදී දෙරට අතර ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට ද එළඹුණු බවයි.

 

 

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ත්‍රිකුණාමලය, කොළඹ සහ දකුණු ඉන්දියානු වරායන් අතර සම්බන්ධතාවය ඇති කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද ප්‍රධාන වශයෙන් එහිදී දෙපාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වූ බවයි.

 

 

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ,

 

"රජයන් අතර පමණක් නෙමෙයි පෞද්ගලික අංශ අතරත් එකඟතා ඇති කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා අපි සාකච්ඡා කළා. ලංකාව ඊළඟ ස්ථරයට යන්න නම් ආයෝජන අවශ්‍යයි."

 

"ඉන්දියන් රුපියල ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳව සලකා බලලා තියෙනවා."

 

"ඉන්දීය විශ්වවිද්‍යාල ලංකාවේ නිර්මාණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා. ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ද සාකච්ඡා සිදු කරලා තිබෙනවා."

 

 

views

280 Views

Comments

arrow-up