එකට වැඩ කරන පොලිස් මිතුරාගේ බැංකු ගිණුමට විද්ද කොස්තාපල් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

එකට වැඩ කරන පොලිස් මිතුරාගේ බැංකු ගිණුමට විද්ද කොස්තාපල් මාට්ටු

එකට වැඩ කරන පොලිස් මිතුරාගේ බැංකු ගිණුමට විද්ද කොස්තාපල් මාට්ටු

පොලිස් භට නිවාසයේ එකම කාමරයක සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ATM කාඩ්පත් සොකරම් කර රුපියල් එක් ලක්ෂ පන්දහසක මුදලක් ලබාගත් බව කියන තවත් කොස්තාපල්වරයකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

ATM කාඩ් පතේ හිමිකරු සහ සැකකරු යන දෙදෙනා අස්ගිරියේ පිහිටි පොලිස් නිවාස සංකීර්ණයේ නවාතැන් ගෙන සිටි බවත් පොලිසිය පවසයි. මුදල් අවශ්‍යතා ඇති වූ අවස්ථා කිහිපයකදීම පැමිණිකරු තම මිතුරාට බැංකු කාඩ්පත රහස්‍ය අංකය ද සමඟ ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

 

 

බැංකු කාඩ්පතේ රහස්‍ය අංකය දැන සිටි සැකකරු භට නිවාසයේ දී මිතුරා නොමැති අවස්ථාවක ඔහුගේ බැංකු කාඩ්පත සොරාගෙන මෙම මුදල් සොරකම සිදුකර තිබේ. බැංකුවේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා පොලිසිය විසින් පසුගිය 26 දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

views

254 Views

Comments

arrow-up